හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Share

T-56 ගිනිඅවියක්, අත්බෝම්බයක්, මැගසින් එකක් සහ දේශීයව නිෂ්පාදනය කළ ගිනිඅවියක් ඇතුළු තවත් ආයුධ රැසක් සමග බද්දේගම ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අද (07) පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසියක දී හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස තුළ තිබී එම ආයුධ සොයාගත් බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා 2005 වසරේදී බද්දේගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

Read more

Local News