ඉන්දීයාවේ කොරෝනා ආසාදිත තරුණියක් ගිලන් රථයේදී දූෂණයට

Share

ඉන්දියාවේ කොරෝනා ආසාදිත තරුණියක් රෝහලට රැගෙන යම්න් සිටින අතරතුර ගිලන් රථයේ රියදුරු විසින් දූෂණයට ලක් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

එම තරුණිය කොරෝනා වෛරසය ආසාදිත යැයි සැකපිට ඥාතියෙකුගේ නිවසෙහි නිරෝධායනය වෙමින් සිටි  අතරතුර කළ වෛද්‍ය පරීක්ෂණයක් අනුව ඇය ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබිණි.

පසුව සෞඛ්‍ය අංශ විසින් ඇයව තවත් රෝගී කාන්තාවක් සමග රෝහල් වෙත යවා ඇති අවස්ථාවේදි ගිලන් රථ රියදුරු එම කාන්තාව රෝහලක් වෙත බාරදී වින්දිත තරුණිය පාළු ස්ථානයකට රැගෙන ගොස් අතවර කර ඇති බව වාර්තා වෙයි.

දුෂණයට ලක් කිරිමෙන් පසු ඇයව රෝහලට ගෙන ගොස් තිබූ අතර එහිදී ඇය තමාට සිදුවූ අතවරය පිළිබඳව රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබේ.

එම තරුණිය ව දූෂණය කර ඇති බව අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News