එළවළු මල්ලක් සහන මිලකට

Share

රුපියල් 700 ක මිලෙන් යුත් එළවළු මල්ල රුපියල් 350 ක සහන මිලකට ලබාදීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කරයි.

 

සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

එහි කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 06කින් සමන්විතයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6 කදී මෙම සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට හැකිබව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන 3කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක බව වැඩ් දුරටත් එම නිවේදනයේ සදහන් කර තිබේ.

Read more

Local News