මෙරට ගව මස් අවශ්‍යතාව සපුරාගැනීම ආනයනය තුළින්

Share

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ගව ඝාතනය සම්පූර්ණයෙන් තහනම් කිරිමේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව තිබේ.

 

සමස්ථ ගව මස් අවශ්‍යතාව සපුරාගැනීම ආනයනය තුළින් සිදුකරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ගව ඝාතනය තහනම් කරන්නැයි පසුගිය කාලය පුරාම පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වූ අතර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාව අභියස ස්වාමීන් වහන්සේ නමක් සිය සිරුරට ගිනි තබා ගත්තේද එම ඉල්ලීම නිසාය.

අද වන විට රට තුළ බලපත්‍ර සහිත ගව ඝාතකාගාර පැවතියත්, නීතිවිරෝධී ගව ඝාතන සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වේ.

ඊයේ (09) දිනයේ එහි ආසන්නතම සිද්ධිය වාර්තා වුණේ මාතර වැලිගම ප්‍රදේශයෙන් වන අතර සොරකම් කරන ලද එළදෙනක් ඝාතනය කර වැලිගම ප්‍රදේශයේ මස් අලෙවිසැලක තබා තිබියදී පොලීසිය සොයා ගැනීමත් සමඟය.

එළදෙන සොරකම් කර ප්‍රවාහනය කළ සුඛෝපභෝගී වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.

අගමැතිවරය පවසන්නේ ගව ඝාතනය මුළුමනින්ම නතර කිරීමට පියවර ගන්නා බවයි.

අගමැතිගේ මෙම යෝජනාවට මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව තිබේ.

ගව ඝාතනය තහනම් කළ යුතු බවට වූ අග්‍රාමාත්‍යවරයාගේ මෙම යෝජනාව සංඝරත්නයේ පැසසුමට ලක්විය..

ප්‍රෝටීන් බහුල ආහාරයක් වන ගව මස් පරිභෝජන අවශ්‍යතා සපුරාගැනීම සඳහා මේ වන විට ආනයනය ද සිදුකරනු ලබයි.

ඒ අනුව පසුගිය වසරේ මෙරටට ආනයනය කර ඇති ගව මස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 116,766 ක් වන අතර ඒ සඳහා වැයව ඇති මුදල රුපියල් මිලියන 109 කට අධිකය.

Read more

Local News