අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පාලමක් ගිලා බැසීම නිසා ගමනා ගමනයට බාධා

Share

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ 38 කණුව ප්‍රදේශයේ ඇති තවකාලික පාලමක් ගිලාබැසීම නිසා අද(11) එම ප්‍රදේශයේ ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

 

ත්‍රිකුණාමලයේ සිට ධාවනය කරමින් තිබූ කන්ටේනර් රථයක් එම පාලම මතින් ගමන් කරමින් තිබිය දී එලෙස පාලම කැඩී ගොස් ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

ප්‍රධාන මාර්ගය අවහිර වීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව අනුරාධපුර සිට පුත්තලම දෙසට ධාවනය වන වාහන අනුරාධපුර 2 කණුව අසලින් තලාව පොලිස් වසම හරහා ගොස් තඹුත්තේගම මාර්ගයට පිවිස ඔරලෝසු කණුව අසලින් 27 හන්දිය හරහා පුත්තලම මාර්ගයට පිවිස අනුරාධපුරයට ගමන් කළ හැකිය.

එසේ නොමැති නම් පුත්තලම සිට අනුරාධපුර දෙසට ධාවනය වන වාහන ගලයාය හන්දියෙන් දකුණට හැරී තලාව නගරයට ගොස් අනුරාධපුර මාර්ගයට පිවිස ගමන් කළ හැකියි.

Read more

Local News