මංතීරු නිතීය නැවතත් ක්‍රියාත්මකයි

Share

රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්වල ක්‍රියාත්මක කෙරෙන මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක කෙරේ.

 

පොලිස් රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ දිසාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ මෙම මංතීරු නීතිය මාර්ග හතරක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා වැඩිදුරටත් සදහන් කළේ මංතීරු නීතිය පිළිනොපදින රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බවයි.

Read more

Local News