සෑම මසකම එක් ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට පියවර

Share

ලංකාවට ආනයනය කරන ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ සෑම මසකම එක් ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන ඇත.

 

ගෙවුනු මාස 08 තුළ ආනයනය කරන ඖෂධ 15 කට අධික සංඛ්‍යාවක් දේශීයව නිෂ්පාදනය කර ඇති බව ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි සභාපති උත්පල ඉන්ද්‍රවංශ මහතා සදහන් කළේය.

මෙම වැඩපිලිවෙල යටතේ ඖෂධ අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බවත් ‘අලුත් රටට – අලුත් බෙහෙත්’ යන වැඩසටහන යටතේ මෙම ඖෂධ නිෂ්පාදනය සිදු කෙරෙන බවත් වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News