19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ ඉන්දියාවට

Share

අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් කිරුළ සිවුවැනි වරටත් දිනා ගැනීමට ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ සමත් වුහ. මේ සමග යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ වැඩිම වාර ගණනක් දිනාගත් රට ලෙස ඉන්දියාව ඉතිහාසයට එක්විය.

නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 8ක පරාජයක් විද ගැනීමට ඔස්ට්‍රේලියාවට සිදුවිය.

19න් පහළ ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ඉන්දියාව හමුවේ ඔස්ට්‍රේලියාව පරාජයට පත්වූ දෙවැනි අවස්ථාව මෙය විය. මින් පෙර 2012 වසරේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ඉන්දියාවට හැකිවිය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව ඕවර 47.2කදී ලකුණු 216කට සීමාකළ ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය ලබා ගැනීමට සමත් විය.

 

Read more

Local News