පොඩි මිනිහා සතුටින් සිටිය යුතුයි : ආරක්ෂක ලේකම්

Share

රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට සහ අනාගත පාරම්පරාවට ආරක්ෂාව සහතික කර සුරක්ෂිත රටක් ඇති කිරීමට ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන සියලුදෙනා තම රාජකාරිය සතුටින් කළ යුතු බවත් රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සිදුකරන සියලුම පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

කමල් ගුණරත්න මහතා වැඩ්දුරටත් පැවසුවේ, “පොඩි මිනිහා සතුටින් සිටියේ නැතිනම් ප්‍රතිඵල ලබා ගන්නට බැහැ. මීට සති හතරකට පහකට ඉස්සෙල්ලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනම අංශයක් මම ඇති කළා ඉඩම් මංකොල්ලයට විරුද්ධව“ යනුවෙනි.

“රාජ්‍ය සේවයේ අවුරදු 15ක් පමණ සේවය කරලා ඉන්න ගෙයක් නැහැ, කුලියට ඉන්නේ දරුපවුල එක්ක, ගිහින් ඉඩම් කෑලක් ගන්නවා කොහෙන් හරි තියෙන බැංකු ණය සියල්ලක්ම අරගෙන, මාස හත අටකට පස්සේ එනවා ගත්තු ඉඩම් කෑල්ල බලන්නට, අවිත් බලනකොට වෙන කෙනක් ඒකේ පදිංචිවෙලා. කාට නියන්නද ? ඕක තමයි අද තියෙන තත්ත්වය,“ බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය

Read more

Local News