අපරාධකල්ලි නායකයෙකු වන “මන්න රමේෂ්“ නමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල, යාලගම් හන්දිය අසල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගිනිඅවි දෙකක් විවිධ වර්ගයේ ජීව උණ්ඩ 91 ක්, පුහුණු උණ්ඩ 27ක්, මැගසිනයක්, අත්විලංගුවක් සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් අවිස්සාවේල්ල, තල්දූව, නූරිවත්ත යන ප්‍රදේශවල පාතාල ක්‍රියාකාරකම්, කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා අවිස්සාවේල්ල පොලිස් ස්ථානයට භාරදී ඇති අතර අද(24) දින මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.