ජනවාරි පළමු වැනිදා සිට ප්ලාස්ටික් භාණ්ඩ වර්ග කිහිපයක් තහනම් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.
කොට්න් බඩ් සඳහා භාවිත කරන ප්ලාස්ටික් බටය, සැෂේ පැකට් සහ කෘමිනාශක අඩංගු කුඩා ප්ලාස්ටික් බෝතල් එලෙස තහනම් කෙරෙන බව අමාත්‍යවරයා පවසයි.
ඒ වෙනුවට විකල්ප භාවිත කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිවන බවත් කොට්න් බඩ්, සෞඛ්‍යමය කටයුතු සඳහා භාවිත කිරීමට පමණක් අවසර හිමි වෙයි.
ප්ලාස්ටික් භාවිතයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බව, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.