රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුර : පාඨලීගේ රියැදුරුට වරෙන්තු

Share

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අද (29) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වරෙන්තු නිකුත් කළේය.

 

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ දෙවන විත්තිකරු ලෙස මොහු නම් කර සිටී.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික සහ වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති හා වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරු පමණක් අධිකරණයේ පෙනී සිටියේය.

දෙවන විත්තිකාර දිලුම් තුසිත කුමාර අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කළේය.

Read more

Local News