හෙට හම්බන්තොට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Share

හෙට(30) දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පෙරවරු 6 සිට පැය 24ක් ජාල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙන්නේ දෙහිගහලන්ද, මිරිජ්ජවිල, සිසිපසගම, ගොඩවාය, මානජ්ජාව සහ පහළ බැරගම යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බවයි.

අම්බලන්තොට ජල සම්පාදන ක්‍රමයට අයත් අම්බලන්තොට සිට හම්බන්තොට දක්වා ජලය ගෙන යනු ලබන සම්ප්‍රේෂණ නළය, හම්බන්තොට වරායේ සිට එලන සම්ප්‍රේෂණ නළ මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙම ජල අත්හිටුවීම සිදුකරන බව වාර්තා වේ.

Read more

Local News