ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනයට රජයෙන් සැලසුමක්

Share

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි.

 

විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය වෙතින් පුද්ගලයන්ට, ආයතනවලට සහ ව්‍යාපාරවලට එල්ල කෙරෙන අනිසි බලපෑම සහ අගතීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබෙන නමුත් එම සියලු කරුණු සැලකිල්ලට ගෙන පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (29) පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමැති එස්. විලයේන්ද්‍රන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්වරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News