ගව මාංශ පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු උපුටා දක්වමින් ගව මාංශ ආහාරයට ගැනීමෙන් හටගත් පිළිකා හේතුවෙන් වසරකට ලොවපුරා පුද්ගලයින් 85,000ක පමණ පිරිසක් මියයන බවත් ගව මාංශ පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇති බවත්. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සදහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ්අඩවියේ ඒ පිළිබඳව පැහැදිළිව පළකර ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කර ඇති පර්යේෂණ වාර්තාවකට අනුව හරක් මස් වැනි “රතු මාංශ” වර්ග  ආහාරයට ගැනීමෙන් බඩවැල් ආශ්‍රිත පිළිකා වැඩි වශයෙන් ඇති විය හැකි බවත් පිළිකා වර්ධනය වීමේ හැකියාව 18%කින් ඉහළ යන බවත් පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාව සකස් කිරීම සඳහා ඉන්ටනැෂනල් ඒජන්සි ෆෝ රීසච් ඔන් කැන්සර් (IARC – International Agency for Research on Cancer) නමැති ආයතනය වෙත පවරා තිබුණි.

Read more

Local News