සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Share

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් කිහිප දෙනා නිසා එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර, එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
රට තුළ ජාතික ආරක්ෂාව සුරැකීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ගත හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව එහි සඳහන් වෙයි.
රෝගීන් හා අනෙක් පුද්ගලයන් අතර සම්බන්ධතා සොයාගැනීම්,PCR පරීක්ෂණ සිදුකිරීම,අවශ්‍ය පුද්ගලයන් නිරෝධායනය කිරීම හෝ හුදෙකලා කිරීම,ආසාදනය වූ පුද්ගලයින් රෝහල් ගත කිරීම වැනි කටයුතු වල මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය නිරතව සිටි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් ට අනුකූලව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එම මාර්ග මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ද ලෙසද ඉල්ලා තිබේ.
 අදාළ මාධ්‍ය නිවේදනය පහතින්

Read more

Local News