මොනරාගල මහ රෝහලෙන් තවත් කොරෝනා රෝගියෙක්

Share

මොනරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඇයද මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම්කම්හලේ සේවිකාවක් බව ඔහු පැවසීය.

එම කාන්තාව මොනරාගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය ද මේ වන විට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබේ.

මේ අතර කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් සේවිකාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද දහවල් තහවුරු විය.

Read more

Local News