මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සියලු සේවකයින්ට සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

Share

කොරෝනා වෙෙරසය හේතුවෙන් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සියලු සේවකයින් නිරෝධායනය වීම අත්‍යාවශ්‍ය බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

 

ඒ් මහතා වැඩ්දුරටත් පැවසුවේ,

“අලුතින් හඳුනාගත් කොවිඩ් රෝග පොකුර තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජනතාවගෙන් විශාල දායකත්වයක් තියෙන්න ඕනේ, හැකිතරම් අවම ලෙස සමාජයට පැමිණෙන්න, හැකිතාක් නිවසට වී සිටින්න, අත්‍යාවශ්‍ය කරුණක් විතරක් සමාජයට පැමිණෙන්න, අනවශ්‍යලෙස ඒකරාශීවීම්, රැස්වීම් පැවැත්වීම, ප්‍රියසම්භාෂණ පැවැත්වීම, සැණකිළි පැවැත්වීමට යන්න එපා. තමන්ගේ නිවසට වී අත්‍යවශ්‍ය දේ පමණක් කරන්න.“ යනුවෙනි.

“ඉතාමත්ම වැදගත් දේ තමයි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන තමුන්ගේ ගම්වලට ගොස් සිටින සියලුමදෙනා නිරෝධායනයට ලක්විය යුතුයි. ඔවුන් සහ ඔවුන්ගේ නිවෙස්වල ජීවත්වන කිසිදු පුද්ගලයෙක් තමුන්ගේ නිවෙස්වලින් එළියට යන්නේ නැතුව තමුන්ගේ නිවසේම නිරෝධායනය වෙලා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට ඉක්මනින් දැනුම්දෙන්න, ඔවුන්ව හඳුනාගෙන පරික්ෂාකරලා PCR පරික්ෂණ කරලා, ඔවුන් අතර රෝගීන් ඉන්නවාද කියලා හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමටත් අනෙක් පිරිස නිරෝධායනය කිරීමටත් කටයුතු කළ යුතුයි,“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News