ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අත්‍යවශ්‍ය සැපයෙන ආයතන විවෘත කිරිමට පියවර

Share

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සදහා ඇතැම් ආයතන විවෘත කර තැබීමට පියවර ගන්නා අතර ඒ් අනුව අද(09) උදෑසන සිට රාත්‍රී 8.00 දක්වා සතොස, ඖෂධ සැල්, සුපිරි වෙළෙද සැල්, මත්ස්‍ය අලෙවි සැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර ලබා දි ඇති බවයි.

 

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ළඟම පවතින වෙළෙදසැල වෙත ගොස් අදාළ භාණ්ඩ මිලදී ගැනීමට ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල ජනතාවට හැකියාව පවතීන බවත් ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

එක් නිවසකින් එක් අයෙකු පමණක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළෙඳ සැල් වෙත යාම යෝග්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඊට පරිභාහිරව කටයුතු කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News