මිනුවන්ගොඩ කොවිඩ් පොකුර තවත් ඉහළට

Share

ඊයේ(12) දිනයේ දී නව ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගැනිමත් සමග මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොරෝනා රෝගීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී තිබේ.

 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ දිනයේ අවස්ථා දෙකක දී ආසාදිතයින් 39ක් සහ ආසාදිතයින් 51ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,397ක් බවයි.

ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 40ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 50 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ සමීපතමයින් බව වාර්තා වෙයි.

තුර්කි ජාතික ගුවන් සේවකයින් දෙදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 4,844 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ආසාදිතයින් 1,514 දෙනෙකු මේ වන විට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සමස්ථ ආසාදිතයින්ගෙන් 3,317 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read more

Local News