දිස්ත්‍රික්ක 3කට පත් වූ නව ලේකම්වරු

Share

කළුතර, මහනුවර හා මඩකලපුව දිස්ත්‍රික්ක 3 සඳහා නව දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කර තිබේ.

 

කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ ප්‍රසන්න ගිනිගේ මහතා වන අතර මෙතෙක් එම ධුරය දැරූ යු. ඩී. සී. ජයලාල් මහතා අමාත්‍යාංශ ලේකම් ධුරයකට පත්කර තිබේ.

මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ, චන්දන තෙන්නකෝන් මහතායි.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, තිස්ස කරුණාරත්න මහතා විශ්‍රාම යාමෙන් හිස් වු පුරප්පාඩුව සඳහා එම පත්වීම සිදුකළ බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කය සඳහා ද නව දිස්ත්‍රික් ලේකම්වරයෙකු පත් කර තිබේ.

ඒ. කරුණාහරන් මහතා එම ධුරයට පත්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

අමාත්‍යාංශය සඳහන් කළේ, සේවා අවශ්‍යතාව මත නව පත්වීම කළ බවයි.

නව දිස්ත්‍රික් ලේකම්වරු අද පස්වරුවේ කැබිනට් අමාත්‍ය කාර්යාලයේදී සිය පත්වීම් භාර ගත් බව වාර්තා වෙයි.

Read more

Local News