ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමා කරයි

Share

ජාතික රෝහලේ සායනවලට පැමිණෙන රෝගීන් සීමා කර තිබේ.

 

රෝහලේ තදබදය අවම කිරීමට අවශ්‍ය වන නිසා සායනවලට රෝගීන් පැමිණීම අවශ්‍ය නොවන අවස්ථාවන්වලදී නිවෙස්වලටම ඖෂධ යැවීමේ වැඩපිළිවෙළක් යොදන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක පැවසීය.

ජාතික රෝහලේ සායනික කාඩ් පත ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් ශාලාවෙන් ද ඖෂධ ලබා ගත හැකි බවත් රෝහල තුළට රෝගීන් බැලීමට එන ජනතාව සීමා කර ඇති බව ද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Read more

Local News