කොළඹ මහනගර සභවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින්න

Share

කොළඹ මහනගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස‘කවුළුව වෙතින් භාරගැනීමට කටයුතු යොදා ඇති බව නාගරික කොමසාරිස්වරිය පවසයි.

 

නගර සභවේ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීමෙන් වළකින ලෙස නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය පවසයි.

මේ අතර කොළඹ මහනගර සභවේ නගරාධිපතිනිය ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අද(16) දිනයේ පීසීආර් පරීක්ෂණයකට භාජනය විමට නියමිතව තිබෙන අතර නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සිය මන්ත්‍රීවරුන් වෙත හඬ පටයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සියලු දෙනා ස්වයං නිරෝධායන වී ආරක්ෂා සහිතව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

වරිපනම් බදු සහ කුලී ගෙවීම් බැංකු කාර්යාල හරහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකළ හැකි අතර කොළඹ මහනගර සභාවේ නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය විම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Read more

Local News