මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1789ක් දක්වා ඉහළට

Share

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1789ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ(15) දිනයේ නව ආසාදිතයින් 68ක් හදුනාගෙන තිබෙන අතර ඉන් 22 ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රීතයින් හෝ කාර්යය මණ්ඩල සාමාජිකයින්ය.

සෙසු ආසාදිතයින් 46 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මීට අමතරව ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනා ගත් අතර ඉන් දෙදෙනෙක් විදේශයන්හි සිට පැමිණි නාවිකයින් වන අතර, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි තිදෙනෙක් ද, ඒ අතර වෙයි

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5244 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා ආසාදිතයින් 1851 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

Read more

Local News