කොරෝනා ගැන නිවැරදි තොරතුරු ජනතාවට ලබා දිය යුතුයි : වෛද්‍ය හරිත අලුත්ගේ

Share

කොවිඩ් නයින්ටීන් රෝගීන් හා ආශ්‍රිතයින් සහිත රතු කලාපවල සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

 

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු ජනතාව වෙත නිකුත් කළ යුතු බවය.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, පවතින කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව පවතින බවය.

Read more

Local News