මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් ඉල්ලීමක්

Share

මේ වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට කොරෝනා රෝගීන් වාර්තාවෙමින් ඇති බවත් එය යම් අවදානම් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේය.

කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර ඒ ආශ්‍රිතව වාර්තා වෙමින් පැවතීම ඊට හේතු වී ඇති අතර මේ වනවිට කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ආසාදිතයින් 135ක් පමණ වාර්තා වි තිබේ.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට උපරීම උත්සහයන් දරමින් සිටින බවයි.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශ දෙකෙහි කොවිඩ් -19 වෛරසයේ බලපෑම යම්දුරකට පාලනය වෙමින් ඇති බව ද ඒ මහතා පැවසීය.

රට පුරා පවතින තත්ත්වය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට භාවිතා නොකරන ලෙසත් වෘත්තීන් අතර ගැටුම් ඇති කිරීමට යොදානොගන්නා ලෙසත් තමන් ඉල්ලීමක් කරන්නේ යැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය

මේ අතර ආයතන සංග්‍රහය සහ විනය කාර්ය සංග්‍රහය පදනම් කර ගනිමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව තොරතුරු මාධ්‍යට ලබාදීමෙන් වළකින ලෙසට සියලුම නිලධාරීන්ට දන්වමින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කිසිවිටෙකත් වෘත්තීය සංගම්වල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියාවක් නැති බවයි.

Read more

Local News