ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ 3ක් කොටුවෙයි

Share

මැදවච්චියේ සිට ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවයන් 37ක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අද උදෑසන මිහින්තලය පොලිසිය විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

මෙසේ ප්‍රවාහනය කළ ගවයන් අක්කරේපත්තුව ,අකුරණ හා ගම්පහ යක්කල ප්‍රදේශ වලට මස් සඳහා විකිනීමට සුදානම් කර ඇති බව මිහිතලය පොලිසියේ ස්ථානාධිපති කේ.ඩී .ප්‍රසාද් සිරිවර්ධන මහතා පැවසීය.

මෙම මෙහෙයුම සඳහා ස්ථානාධිපති ඇතුළු 8 දෙනෙකුගෙන් සමන්විත නිළධාරී පිරිසක් සහභාගී වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලිසිය විසින් සිදු කරයි.

Read more

Local News