පොළොන්නරුව මහ රෝහලේ වාට්ටුවක් වසා දමයි

Share

පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදකලා කිරීමට පියවර ගෙන ඇත.

 

ඒ කොරෝනා රෝගීයෙකු හඳුනාගැනීමත් සමග වන අතර හදිසි ප්‍රතිකාර කටයුතු සඳහා හැර පොළොන්නරුව මහ රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම මේ වන විට තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කළේය.

එමෙන්ම පොළොන්නරුව මහ රෝහලේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය 42ක් මේ වන විට
නිරෝධායනයට යොමුකර ඇති අතර ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණයට යොමුකිරීමටද පියවර ගෙන තිබේ.

Read more

Local News