කොළඹ වරායෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

Share

කොළඹ වරායෙන් කොරෝනා ආසාදිතයින් 5ක් වාර්තා වි තිබෙන බව හමුදාපති සදහන් කළේය.

 

ඒ මහතා වැඩ්දුරටත් පවසන්නේ මේ වන විට ම්නුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් කොරෝනා රෝගීන් බහුතරය හමු වන බවයි.

විදේශ රටකින් මෙරටට කොරෝනා දෙවන රැල්ලේ මූලාරම්භය සිදු වි තිබිය හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

හමුදාපතිවරයා පැවසුවේ සෞඛ්‍ය නීතිරිති පිළිපදිම්න් නිසි අන්දම්න් සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කළහොත් හැකි ඉක්මණින් මෙම තත්ත්වය පාලනය කිරිමට හැකි වන බවයි.

හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ “කන්දකාඩු කොවිඩ් සම්බන්ධතාවයේ අවසාන සොයා ගැනීම තිබුණේ අගෝස්තු මාසයේ. ඒ අනුව මෙරට සමාජය තුළ කොවිඩ් තිබුණේ නෑ. කොළඹ ප්‍රදේශය ගත්තත් සමාජයෙන් ආපු අවසාන පුද්ගලයා හිටියේ අප්‍රේල් මාසේ 30වැනි දා. විදේශ රටවලින් ලංකාවට පිරිස් පැමිණියා. මුහුදු කටයුතු සම්බන්ධයෙන් විදේශ රටවලින් ආපු 06දෙනෙක් ඊයේ දිනයේදීත් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඒ අනුව බැලුවාම යම්කිසි ආකාරයක සොයා ගැනීම් අපි කරලා තියෙනවා. නමුත් අවසන් වශයෙන් ස්ථීර වෙනකම් කියන්න හැකියාවක් නැති තත්ත්වයක් තියෙන්නේ.” යනුවෙනි.

Read more

Local News