කොළඹ කොටුව පොලීසිය නැවත විවෘතයි

Share

කොළඹ කොටුව පොලිස් ස්ථානය යළි විවෘත කර තිබේ.‍

 

විෂබීජහරණ කටයුතුවලින් අනතුරුව අද(21) පෙරවරු 9.00 සිට පොලිස් ස්ථානය යළි විවෘත කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

කොළඹ කොටුව පොලිස් ස්ථානයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියෙකු හඳුනාගැනීමත් සමග අද උදෑසන පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමනු ලැබිය.

Read more

Local News