මදුෂ්ගේ අවසන් කටයුතු අද මහරගමදී : මෘත දේහයට අයිතිවාසිකම් කී බිරින්දෑවරු

Share

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූශ්ගේ දේහය පිලිබද අවසන් කටයුතු අද මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

 

ඝාතනය වූ පසු එම මළ සිරුර පවුලේ අයෙකු විසින් හඳුනාගැනීමට මුල් විවාහක බිරිය වන ගයනි මුතුමාලි නැමැති කාන්තාව පැමිණසිටි අතර ඇය මෘත දේහය තම ස්වාමියාගේ බවට හදුනා ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදි.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන මාකදුරේ මදුෂ්ගේ මෘත ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දෙනු ලැබිය.

මෙම අවස්ථාවට ඔහුගේ දෙවන බිරිය යැයි පවසන කළුතුෂාර නමැති පාතාල නායකයාගේ වැන්දඹු බිරිය වූ දිලිනි නමැත්තිය ද පැමිණ සිටි අතර එහිදී ඔහුගේ දේහය පිලිබදව අයිතිය ප්‍රකාශ කරමින් එයට බලපෑම් කර තිබේ.

මෙහිදී මරණ පරීක්ෂකට ගැටළුකාරී තත්වයක් ඇතිව තිබෙන නිසා එය උසාවියෙන් බේරා ගැනීම සදහා යොමු කර තිබෙන බවට වාර්තා වෙයි.

මේ අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මධූෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට දෙන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ.

දේහය ඔහුගේ පළමු බිරිය විසින් භාරගත් අතර මේ වන විට දේහය මහරගම පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News