ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සඳහා සියලු කටයුතු සුදානම් – ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

Share

2018 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙබරවාරි 10වන දින පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එස්.ටී. කොඩිකාර මහතා සඳහන් කරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පලන ආයතන 20ක් පවතින අතර එක් මහ නරග සභාවක් සහ නගර සභා ද්විත්වයක් පවති. ගාල්ල මහ නගරසභාවක් වන අතර අම්බලන්ගොඩ සහ හික්කඩුව සෙසු නගර සභා ද්විත්වයයි. සෙසු පළාත් පාලන ආයතන 17 ප්‍රාදේශීය සභා ලෙස පවති. නමුත් මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්ද විමසිම පැවැත්වෙන්නේ ඇල්පිටිය හැර සෙසු පළාත් පාලන ආයතන 19ක් සඳහා පමණි.
මෙම පළාත් පාලන ආයතන 19 සඳහා කොට්ඨාශ 253කට මන්ත්‍රිවරුන් 255ක් ඡන්දයෙන් තෝරා පත් කර ගැනිමට නියමිත අතර ගාල්ල සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාස බහු මන්ත්‍රි කොට්ඨාස ලෙස ප්‍රකාශයට පත් කර ඇත. සමානුපාතික පදනම මත ඇල්පිටිය පළාත් පාලන ආයතනය හැර  164 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය. ඒ අනුව පෙබරවාරි මස 10 වන දින පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය පළාත් පාලන ආයතනය හැර සමස්ත මන්ත්‍රිවරු 419 දෙනෙකු සුදුසුකම් ලබයි.
දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන ඇල්පිටිය පළාත් පාලන ආයතනය හැර 715ක දී ඡන්දය ප්‍රකාශ කිරිමට අවස්තාව සලසා දී ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සුදුසුකම්ලාභී සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 848877කි. නමුත් පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඇල්පිටිය පළාත් පාලන ආයතනය හැර සෙසු ඡන්ද දායකයින් 796076කි. ඇල්පිටිය පළාත් පාලන ආයතනය සඳහා ඡන්ද දායකයින් 52801 දෙනෙකු සුදුසුකම් ලැබුවද ඇති වූ නිතිමය තත්ත්වයක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ මැතිවරණය වළක්වාලමින්  පසුගිය දා අතුරු තහනම් නියෝගයක් පනවන ලදී.
මෙවර දිස්ත්‍රික්කයේ  වැඩිම ඡන්ද දායකයින් පිරිස ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය නියෝජනය කරනු ලබන අතර, එය 71858කි.
2018 පළාත් පාලන ඡන්ද විමසිමට අදාළව ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රාජ්‍ය නිලධාරීන් 8700කට ආසන්න ප්‍රමාණයක් සහ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2000කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව ගාල්ල මැතිවරණ කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම ඡන්ද රාජකාරි සඳහා රථවාහන 700කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇත.
ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ඡන්ද විමසිමට අදාල ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයයි.

Read more

Local News