උසස් පෙළ විභාගයට යන සිසුන්ට විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මකයි

Share

රට පුරා ව්‍යාප්ත වි තිබෙන කොරෝනා වෙෙරසය නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා සදහන් කළේය.

 

මේ අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක බවත් පොල්වත්තගේ මහතා වැඩිදුරටත් පැවසීය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ ඊට අමතරව මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බවයි.

මේ අතර මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News