වාර්තා වූ අවසන් කොරෝනා මරණ 2 ගැන තතු

Share

අවසන් කොරෝනා මරණ ද්විත්වය සිදුව ඇත්තේ එම රෝගීන් රෝහලට ඇතුළත් කිරීමට පෙර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

 

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ මෙම මරණ ද්විත්වයෙන් 19 හැවිරිදි පිරිමි පුද්ගලයාගේ මරණය නිවසේ දී සිදුව ඇති  බවට කරුණු වාර්තා වන බවයි.

කෙසේ වෙතත් අනෙක් කාන්තාව මිය ගියේ රෝහලට ඇතුළත් කරන අතරතුර දී ද නැතිනම් නිවසේදීම මිය ගියාද යන්න පිලිබද අදහස් පලකල නොහැකි බවයි.

මෙරට අවසන් කොරෝනා මරණ ද්විත්වය එනම් 18 හා 19 වැනි මරණ වාර්තා වූයේ කෙසෙල්වත්ත හා කොල්ලුපිටිය ප්‍රදේශවලින්.

ඉන් එක් අයෙක් වයස අවුරුදු 19ක් වන පිරිමි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 87ක කාන්තාවකි.

මෙම දෙදෙනාම දීර්ඝකාලීනව දැඩි රෝගාබාධ වලින් පෙළුණු අය බව නිවේදනයේ සඳහන් වන අතර 19 හැවිරිදි තරුණයා දීර්ඝ කාලයක් පැවැති සිය රෝගය නිසා නිවසට වී කාලය ගත කරන අයෙක් බව වාර්තා වෙයි.

Read more

Local News