මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද(29) දිනයේ ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම ඌව පළාතේ ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් මි.මී50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇති වේ.

ත්‍රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Read more

Local News