අමෙරිකා ජනාධිපතිවරණය අදයි

Share

කොවිඩ් නයින්ටීන් වසංගතය තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ලොව බලවත් රාජ්‍යයක් ලෙස අමෙරිකාව සැලකේ.

 

නමුත් එවැනි පසුබිමක අමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ නායකයා තෝරා ගැනීම සඳහා වන ජනාධිපතිවරණය අද(03) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ 59 වන ජනාධිපතිවරණය අද දින පැවැත්වේ.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් මෙවර අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටියි.

මෙම ජනාධිපතිවරණයෙන් වසර හතරක ධුර කාලයක් සදහා නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට නියමිත අතර ප්‍රාන්ත 50ක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

 

Read more

Local News