ආයුධ සමග පුද්ගලයින් 7ක් කොටුවෙයි

Share

විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්බෝම්බයක්, කඩු 4 ක් සහ මන්නා පිහි 6 ක් සමග සැකකරුවන් 07ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් ගමන් ගත් මෝටර් රථයක් සහ වෑන් රථයක් කළුතර, හීනටියන්ගල මාර්ගයේදී අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන කලමුල්ල, නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අද(07) දිනයේ සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News