ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 430ක්

Share

අද(11) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 430ක් හදුනාගෙන තිබේ.

 

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 11237ක් වෙයි

ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයන් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් හා ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

මේ අතර, ඊයේ රාත්‍රියේ EK 648 දරණ මගී ගුවන්යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 දෙනෙක් හා අද (11) උදෑසන ET 8804 දරණ මගී ගුවන් යානය මගින් ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 110ක්, UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 270ක් හා ඉන්දියාවේ මුම්බායි සිට පුද්ගලයින් 6 දෙනෙක් මෙරටට පැමිණි අතර ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

තවද UL 1024 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ මුම්බයි සිට පුද්ගලයින් 66ක් දිවයිනට පැම්ණිමට නියම්තව ඇත.

අද දිනය තුල ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 8ක් පිටව යෑමට නියමිතය.

ඒ අනුව දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 01 පුද්ගලයෙක්ද

හොටෙල් වින්ඩ් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02ක් ද

රැවල් රිසෝට් කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 0්5 ක් ද වශයෙනි

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 64263 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 28ක් තුළ පුද්ගලයින් 2277ක් නිරෝධායනය වෙම්න් සිටියි.

මේ අතර ඊයේ දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 8,272ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 619,108කි.

ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 41ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read more

Local News