මැතිවරණ කොමිසමේ කාලය 13 වැනිදා අවසන් වෙයි

Share

අනිද්දා(13) දිනයෙන් වත්මන් මැතිවරණ කොමිසමේ කාලය අවසන් වන බැවින් ලබන සඳුදාට පෙර හෝ නව මැතිවරණ කොමිසමක් පත් කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

 

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

20 වැනි සංශෝධනය අනුව නව කොමිසම පත් කරන තෙක් තිබෙන කොමිසමට කටයුතු කළ හැකිය.

මේ අතර වර්තමාන මැතිවරණ කොමිසම (13) වැනිදායින් අවසන් වන බැවින් වත්මන් කොමිසමේ කටයුතු හෙට (12) දිනය වන විට අවසන් කළ යුතු බව දේශප්‍රිය මහතා සදහන් කළේය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ මැතිවරණ කියන විෂය තුල තවදුරටත් තමා නොසිටින බවත් තමාගේ වයස දැන් වසර හැටපහක්ද වන බැවින් මින් සමුගන්නා බවයි.

Read more

Local News