මාරාන්තික ඖෂධ තොගයක් මාළු පෙති අතර තිබි සොයා ගනීයි

Share

නිව්යෝර්ක් පොලිසිය පවසන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 10ක් වටිනා මාරාන්තික ඖෂධ තොගයක් මාළු පෙති අතර තිබී සොයා ගත් බවයි. මේ ඖෂධ තොගය මාළු පෙති අතර ගඩොල් කැට ප්‍රමාණයේ පාර්සල් ලෙස ඔතා සඟවා තිබී ඇත.

නිව්යෝර්ක් නගරයේ රහස් පරීක්ෂකයන් විසින් මෙසේ සොයා ගෙන ඇත්තේ චීනයේ සහ මෙක්සිකෝවේ නිශ්පාදිත ෆෙන්තනිල්නම් හෙරොයින්වලට වඩා පනස් ගුණයකටත් වඩා බලසම්පන්න ඖෂධයකි.

මෙය හෙරොයින් සමඟ මිශ්‍ර කර භාවිතා කිරීම නිසා එරට මත්ද්‍රව්‍යවලට සම්බන්ධයෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි‍ වාර්තා වන්නේ.

Read more

Local News