කොවිඩ් වෙෙරසයට එරෙහි එන්නතක් බ්‍රිතාන්‍යය අත්හදා බලයි

Share

කොවිඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නතක් පිළිබඳ ප්‍රධාන අත්හදා බැලීම එක්සත් රාජධානියේදී දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම එන්නත බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් නිර්මාණය කර තිඛේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහා ජානමය වශයෙන් වෙනස් කරන ලද පොදු වෛරසයක් මේ සදහා භාවිතා කර ඇත.

මේ අතර ෆයිසර් සහ බයෝ එන්ටෙක් සමාගම විසින් නිපදවන ලද එන්නතෙහි සාර්ථකත්වය ගෝලීය වශයෙන් දැඩි කතාබහට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, එය භාවිතය සඳහා තවමත් අනුමත කර නොමැති අතර වැඩිහිටියන් තුළ එය කෙතරම් හොඳින් ක්‍රියාත්මක වේද යන්න හෝ ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතින්නේද යන්න මෙතෙක් නිශ්චිත ලෙස සනාථ කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේය.

Read more

Local News