නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ගන්නා අය සිටින නිවෙස් වලට විශේෂ දැනුම් දීමක්

Share

රට තුල වත්මන් තත්ත්වය වන විට මෙතෙක් වාර්තාවූ බොහෝ කොවිඩ් මරණ, යම් රෝගයක සංකූලතා අනුව සිදු වූ මරණ බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සදහන් කර තිබේ.

 

එමෙන්ම නිවෙස්ගතව සිටින නිදන්ගත රෝග විශේෂයෙන් දියවැඩියාව, පිළිකා රෝග, හෘදයාබාධ රෝග සදහා ප්‍රතිකාර ගන්නා වයස්ගත පාර්ශවයන්ට යම්කිසි රෝග අවධානමේ වැඩිවීමක් පෙන්නුම් කරයි නම් හැකි ඉක්මණින් රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලෙස එම නිවෙස්වල සිටින අනෙක් සාමාජිකයින්ගෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කර සිටි.

රෝගය උත්සන්නවන තුරු නිවසේ රැදී නොසිට හදිසි ගිලන් රථ සේවාවන්ට දැනුම් දී එම රෝගීන් රෝහල් ගත කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ගැනීමට හැකියාව පවතින බව ද ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

Read more

Local News