ජෝ බයිඩ්න් අමෙරිකානු ජනතාවගෙන් කළ ඉල්ලිම

Share

කොවිඩ් – 19 වසංගතය පරාජය කිරීමේ සටනට සූදානම් වන ලෙස ජෝ බයිඩ්න් අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අමෙරිකානුවන් වන අපට යුද්ධය ඇත්තේ, වෛරසය සමග මිස එකිනෙකා සමග නොවන බව ජෝ බයිඩ්න් පවසයි.

තව ද භේදකාරී කාල පරිච්ඡේදය ආලෝකයේ හා එකමුතුවේ වසරකට මග පාදනු ඇතැයි, තමන් තරයේ විශ්වාස කරන බව ද ජනපති ධුරයේ දිවුරුම් දීමට නියමිත නව ජනාධිපතිවරයා පවසා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වසංගත තත්ත්තවය හේතුවෙන් අමෙරිකානුවන්ට වේදනාව, අලාභය සහ කලකිරීම මෙන්ම වටිනා ජීවිත ද අහිමි වූ බව ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයේ සඳහන් ව ඇති බවයි.

වෛරසය පරාජය කර ජීවිත සාමන්‍ය තත්ත්වයට පත් කරන බවට පොරොන්දු වී ඇති බයිඩ්න් සියලු දෙනාගේ ඉල්ලා ඇත්තේ උත්සාහය දෙගුණ තෙගුණ කරමින් සටනට කැප විය යුතු බවයි.

Read more

Local News