කැලණි ගඟ දූෂණයවීම වැළැක්වීමට යාන්ත්‍රණයක්

Share

කැලණි ගඟ දූෂණයවීම වැළැක්වීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් අමාත්‍යාංශ 3කට නිර්දේශකර තිබේ.

 

ඒ පරිසර අමාත්‍යාංශය, ජලසම්පාදන අමාත්‍යාංශය සහ රජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යි.

පානීය ජල ප්‍රශ්නය, සංචාරක ව්‍යාපාරය, නාගරික සංවර්ධනය ආදී රටටම බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැලණි ගඟ සෘජුවම සම්බන්ධ වන බැවින් වහාම අදාළ පියවර ගන්නා ලෙස එම කමිටුව නියෝග කර ඇත.

කැලණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත 2946 ක් පවතී.

මේ අතුරින් කර්මාන්ත 41 ක් පාරිසරික බලපත්‍ර රහිත බවත්, කර්මාන්ත 205ක පාරිසරික බලපත්‍ර නවතා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.

Read more

Local News