ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් සිකුරාදා(11) දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.
කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් ඊයේ (07) දිනයේ සිට හෙට (09) දිනය දක්වා දින තුනක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබුණි.
අද(08) පැවති සාකච්ඡාවකදී එම පාසල් ලබන සිකුරාදා දිනය දක්වා වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.



