කොවිඩ් මර්දන දේශීය ඔසුව ගැන රජය ධනාත්මකව බලනවා : රමේෂ් පතිරණ

Share

මෙරට කොරෝනා මර්දන දේශීය ඖෂධය පිළිබඳව රජය ධනාත්මකව බලාපොරොත්තු තබා සිටින බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

 

මාධ්‍ය වෙත අදහස් දක්වම්න් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවේ”ඇත්තටම දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත් ලෝකයේ සෑම රටකටම සමානව ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ කොටසත් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට  ඉල්ලීම් කරලා තියෙනවා. එම එන්නත්වල නිෂ්පාදන ධාරිතාවයත් සමග ලංකාවටත් එම එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනවා. ඒ සමගම ලංකාවේ දේශීය ආයුර්වේද නිෂ්පාදන හැටියට ලබාදීල තියෙන ඖෂධ පිළිබඳවත් සමාජයේ කථිකාවතක් ඇතිවෙනවා. ඒ පිළිබඳවත් රජය ධනාත්මකව සලකාබලන බව අප සතුටින් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව බටහිර වෛද්‍යවිද්‍යානුකූලව එම ඖෂධයන් සාධනීය තත්ත්වයකට පත්කර, සැකහැර දැනගැනීමෙන් පසුව තමයි සාමාන්‍යයෙන් ලබාදීමේ ක්‍රමවේදය තියෙන්නේ. එයින් ප්‍රතිචාර දක්වන්නේ නම් කෙටිකාලීන පියවරක් ලෙස එම ඖෂධය ලබාදීමට බටහිර වෛද්‍යවරුත් කැමතිවෙලා තියෙනවා. එක පැත්තකින් එන්නත ක්‍රියාකාරී බව පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා ඉදිරි මාස 3ත් 6ත් අතර ලෝකයත් අපේ රටත් මේ අර්බුදයෙන් මිදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙනි.

Read more

Local News