ඊයේ දින මෙරටින් වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 655ක්

Share

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32,790ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

කොවිඩ් ආසාදිතයින් 655 ක් ඊයේ දිනයේ හඳුනා ගනු ලැබිය.

මේ අතරට බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 147ක් ,පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් 503ක් සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පස් දෙනෙකුද  මෙම 655 දෙනා අතරට ඇතුළත්ය.

මෙරට කොවිඩ් වැළදීමෙන් පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,793 ක් වන අතර ආසාදිතයින් 8845 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News