සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් 400 දෙනෙකු පමණ බස්රථ පරීක්ෂාවට යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.