නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, කිළිනොච්චිය, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවල මි.මී 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී 50 පමණ තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



