අද(31) අලුයම පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 5ක් පලාගොස් තිබේ.
මෙලෙස පළා ගොස් ඇත්තේ අවුරුදු 22, 23, 26, 32 හා 52 යන වයස්වල පසුවෙන මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු පුද්ගලයින් බව වාර්තා වෙයි.
පළාගිය කොරෝනා ආසාදිත රැඳවියන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.
අදාල ආසාදිතයන් ගැන තොරතුරු ලද හොත් මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව – 0718 591 233 හා 119 යන දුරකථන අංකයට දන්වන්නැයි පොලිසිය දැනුම් දෙයි